Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ අනුව එම මණ්ඩලය සදහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට දහවල් 1.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙසද ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ අඹතලේ බල ශක්තිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට අදාළව නව සම්ප්‍රේෂණ නළ එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.

WhatsApp Group

Skip to content