ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියම කර තිබෙනවා.

ඒ අයි.සී.සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

ඇෆ්ගනිස්තානය සමග පෙරේදා පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු මෙලෙස වරදකරු වී ඇති බව සඳහන්.

ඒ, හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් සියයට පනහක උපරිම දඩයක් ද නියම කෙරුණා.

නජිබුල්ලා සර්ඩ්‍රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වනිඳු හසරංග තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්‍රසාදය පළ කිරීම මීට හේතු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content