Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ දිනයේ අයි.එම.එෆ් පිනවන – නිදහස් අධ්‍යාපනය වනසන පෞද්ගලික විශ්වවිද්‍යාල මිථ්‍යාව සහ යථාර්ථය යන මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වුණා .

මේ සදහා මොරටුව විශ්වවිද්‍යාලයීය ආචාර්ය ඩී.එම්.ඕ .ඩී .කේ දිසානායක මහතා , කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැදවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු යන අය සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ .

එහි දී ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ආණ්ඩුව විසින් නිදහස් අධ්‍යාපනය විකිණීම පිළිබඳ මතු වී ඇති සාකච්ඡාවන් සංවාදයට ගෙන තිබෙනවා .

ඉතිහාසය තුළ සමාජයක් ලෙස ගොඩ නඟා ගත් දැනුම ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් බවත් ජීවත් වීම මූලික මිනිස් අයිතියක් සහ ජීවත් වීමට දැනුම අවශ්‍ය බවත් අධ්‍යාපන තනි පුද්ගල අයිතියක් නො වන බවත් මෙහි දී අවධාරණය වුණා .

ඩොලර් බිලින 2.9ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අදාළ ව ඔවුන්ගේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම පිලිබදව සහ ඒ සඳහා නිදහස් අධ්‍යාපනය විකිණිමට පක්ෂ විපක්ෂ භේදයකින් තොර ව පාර්ලිමේන්තුව තුළ එකඟ ව දැවැන්ත සාකච්ඡාවක් ක්‍රියාත්මක බවත් සම්මන්ත්‍රනයේ දී අදහස් දැක්වූ පිරිස් ප්‍රකාශ කල බව වාර්තා වනවා .

එසේ ම ඔවුන් අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නියෝජන නො වන බවයි .

WhatsApp Group

Skip to content