Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5 ක මිල අද දිනයේ සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

මෙලෙස මිල අඩු කිරීමට තීරණය කර ඇත්තේ ලොකු ලූණු, රතු පරිප්පු, දේශීය ටින් මාළු , මිරිස් සහ හාල්මැස්සන් යන භාණ්ඩ වල බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ.

ඒ අනුව රුපියල් 5කින් ලොකු ලූණු කිලෝවක මිල පහත දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 185ක් ලෙසයි .

රතු පරිප්පු කිලෝවක මිළ රුපියල් 7කින් පහත දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 378 ක් වශයෙන් .

ග්‍රෑම් 425ක දේශීය ටින් මාළු මිලද රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 480 ක් වශයෙන් දැක්වෙනවා .

මේ අතර රුපියල් 15කින් මිරිස් කිලෝවක මිල පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1 780 ක් වනවා .

හාල්මැස්සන් කිලෝවක් රුපියල් 50කින් අඩුකිරීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 1 100 ක් .

මේ අතර ඊයේ දිනයේදී භාණ්ඩ 10 කට නිකුත් කර තිබු ආනයන තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් වුණා.

WhatsApp Group

Skip to content