Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගංජා සිද්ධියට ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාත් අත්අඩංගුවට
ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650 කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයා ගැනුණා.
මේ අනුව එම සිද්ධියට අදාළව මොණරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබුණා.
මොණරාගල කොට්ඨාසය භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රාජකාරි – තහනම ට ලක් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content