ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයිනගේ පෙබරවාරි මස වැටුප් මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය පළ කර තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි මෙම එකඟත්වය පළ වී ඇත්තේ.

පසුගිය කාල වකවානුවන්හිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණයවීමේ ගැටලුවට මුහුණ දුන් බවත් එම නිසා සේවකයින් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර ගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කළා.

WhatsApp Group

Skip to content