Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් 20 වැනිදා දක්වා ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ මේ හේතුවෙන් ගැටලුකාරි තත්ත්වයක් ඉදිරියේ දී උද්ගත නොවන බවයි.

ගල්අඟුරු මොටි්‍රක්ටොන් 60,000 බැගින් වන නෞකා 33 ත් 38 ත් අතර සංඛ්‍යාවක් වසරක විදුලි ජනනයට අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළා.

එමෙන්ම මෙම වසරට ඇස්තමේන්තු කර ඇති ගල්අඟුරු නෞකා 33 න් 4 ක් පසුගිය මාසයේදී කොළඹට ළගා වූ බවයි නලින්ද ඉලංගකෝන් මහතා කියා සිටියේ.

අදාළ නෞකා 24 න් 21 ක ප්‍රසම්පාදන නියෝග නිකුත් කර ඇති බවත් නෞකා 12 ක තොග කැබිනට් අනුමැතියට යොමු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ අනුව ඉතිරි නෞකා 5 න් එක් නෞකාවක් අද දිනයේ දී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව අතර සෙසු නෞකා හතර මෙම මාසයේ මැදභාගයේදී ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි නලින්ද ඉලංගකෝන් මහතා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content