Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මේ දිනවල වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක පැතිරයමින් පවතින Lumpy Skin Disease නැතහොත් ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත්නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි ‍කොතලාවල මහත්මිය සඳහන් කළා.

අද(30) දින පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවති රැස්වීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විමසූ අතර, එහිදී එම මහත්මිය සඳහන් කළේ, මෙම රෝගය නිසා ගවයින් මිය යාමට ඇති ඉඩකඩ අල්ප බවයි.

මෙම රෝගය මින් පෙර උතුරු නැගෙනහිර පළාත්වලින් වාර්තා වුවත් එය සාර්ථකව ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හැකිවිය. නමුත් මෙම සතුන් ප්‍රවාහනය නොකරන ලෙසට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ උපදෙස් නොසලකා හරිමින් ඇතැම් පුද්ගලයින් රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම නිසා මෙම රෝග තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ.

කෙසේ වුවද මෙම ගව චර්ම ගැටිති රෝගය වැළඳුණු පසු එම ගවයින්ට ඊට ප්‍රතිශක්තිකරණයක් ඇති වන බැවින් නැවත එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැති බවත්,  එවැනි ගවයින්ගේ මස් අනුභව කිරීමෙන් රෝගය සෙසු අයට වැළඳීමක් සිදු නොවන අතර, මෙම රෝග තත්ත්වය විශේෂයෙන් කිරි නිෂ්පාදනය අඩු වීමට හේතුවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ හැර සතුන් ස්පර්ශ කිරීමෙන් මෙ‍හි ව්‍යාප්ත වීමක් සිදු නොවන අතර, මෙම රෝගය සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කළා.

මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වයඹ පළාතේ සිට ගවයින් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම දැනට තාවකාලිකව නතර කර ඇති බවත්, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත හැකි සියලු ආරක්ෂණ ක්‍රමවේද ගෙන ඇති බවත් ප්‍රකාශ කළා.

 

 

WhatsApp Group

Skip to content