වවුනියාවල අලගල්ල ප්රදේශයේ පිහිටි විදුලි ට්රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලි සැර වැදිමෙන් යෝධ උකුස්සකු මියගොස්  තිබෙනවා.

විදුලිබල මණ්ඩල විදුලි කාර්මිකයින් පැවසූවේ උකුස්සාට විදුලිසැර වැදී මියගොස් වැටී සිටියදී උකුස්සාගේ පාදවල සහ මුඛයේ මිය ගිය සර්පයාගේ කොටස්ද තිබි හමුවු බවයි.

උකුස්සා නාගයා ඩැහැගැනීමෙන් පසුව නාගය ආහාරයට ගැනීම සඳහා ට්රාන්ස්ෆෝමරයේ වැසීමෙන් පසුව කිසියම් හේතුවකට උකුස්සාට විදුලිසැර වැදී ඇති බවද විදුලි කාර්මික නිලධාරීන් පැවසූවා.

මියගොස් සිටි උකුස්සා පියාපත් විහිදූ විට අඩි 4 කටත් වඩා විශාල බවත් මෙවැනි විශාල උකුස්සන් අවට පරිසරයෙන් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවත් ප්දේශවාසීන් කියා සිටියා.

WhatsApp Group

Skip to content