Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හැටන් ප්‍රදේශයේ  ප්‍රධාන දමිල පාසලක ගුරුවරයෙකු ධාවනය කල යතුරුපැදියකට එම පාසලේම ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගැටි අනතුරට පත්විමෙන් පාසල් සිසුවා තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

හැටන් තරුණ බෞද්ධ සමිති මාවත මාර්ගයේදි ‌මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

ඊයේ (12) පස්වරුවේ පාසල නිමාවී අනතුරට පත් සිසුවා නිවස කරා ගමන් කරමින් සිටින අතරතුර, සිසුවා එක වරම අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා මාරුවිමට යාමේදි පාසලේ සිට නිවස කරා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ගුරුවරයාගේ යතුරු පැදියේ ගැටී සිසුවා තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදිය ධාවනය කල ගුරුවරයා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.

අනතුරෙන් තුවාල ලැබු සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බවයි හැටන් පොලිසිය පවසන්නේ.

WhatsApp Group

Skip to content