දරුවන් අතට මත්ද්‍රව්‍ය යාම වලව්වා ගැනීම සඳහා ගුරුවරුන්ට දැඩි වගකීමක් පැවරෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් ගුරුවරු දරුවන්ගේ දෙමාපියන් මෙන් සමීප බවයි.

එවන් අවස්ථාවල දරුවන් නොමගට යාමෙන් මුදා ගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මෙම කරුණු දක්වා සිටියේ බස්නාහිර පළාතේ පාසල් 223 ක තෝරාගත් ගුරුවරුන් 200කට අධික පිරිසකට “හෙට දවස” නමින් සන්විධාන් කළ විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක ට එක්වෙමින්.

එය කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී දින තුනක් පැවති අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේද ඊට දායක වී සිටියා.

මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම පිලිබඳ මෙහිදී ගුරුවරුන් ට ප්‍රයෝගික පුහුණුවක් ද ලබා දුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

වැඩමුළුවේ දේශනයකට සහභාගී වෙමින් කරුණු දැක් වූ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා …

https://www.vnews.lk/storage/2022/12/TIRAN.mp3?_=1

WhatsApp Group

Skip to content