නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර 370 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි.

ඒ හේතුවෙන් අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් පෙන්විය හැකියි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්.

ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

විටින් විට හමන සුළං තද ස්වභාවක් ගනු ඇති.

මේ අතර අද දිනයේත් පසුගිය දිනවල මෙන් ප්‍රදේශ රැසක මීදුම් ස්වභාවක් හටගෙන තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල අහස අඳුරු වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල ඝන මිදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම තත්වයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් ඇතුළු මාර්ග කිහිපයකම ගමනගමනට යම් බාධාවක් එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම ප්‍රදේශ ආශ්‍රිතව අද අලුයම සිට කඩින් කඩ වැසි ද ඇද හැලෙනවා.

WhatsApp Group

Skip to content