ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

මීට පෙර වසරකට ගුරුවරුන් 4,000 ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60 න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000 ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගත යුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට ද පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය, අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළා.

2023 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/01/SUSIL-PREMAJAYANTH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content