පෑලියගොඩ, නව නුගේ පාරේ පිහිටි මග නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී 2023 වසර ආරම්භය වෙනුවෙන් ඊයේ පෙරවරුවේ පැවති උත්සවයක් අතරතුර එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පැවසුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග නැගුම ව්‍යාපෘතියේ රියදුරු සංගමයේ සභාපතිවරයා සහ එහි කාරක සභිකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

උත්සවයක් අවසානයේ පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවට පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෑලියගොඩ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන් සිදු කරනවා.

WhatsApp Group

Skip to content