ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු රට හැර ගොස් ඇතැයි වර්තවනවා.

වෙනත් රටවල සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ පහසුකම් ලබාදෙන හෙයින් ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බවයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් මතුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ මෙය රටේ සෑම ක්ෂේත්‍රයකටම පොදු වූ ප්‍රශ්නයක් බවයි.

ගුවන් ගමන් පාලකවරුන් විසිපස් දෙනෙකු අලුතින් බදවා ගත් බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර ගුවන් නියමුවන් රැසක්ද පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.

WhatsApp Group

Skip to content