Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය අතුරු තහනමක් පැනවීමත් සමඟ මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා.

මින් පෙර රුපියල් 50ක උපරීම සිල්ලර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකට යි .උත්සව සමය හේතුවෙන් බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව ඇති බව පාරිභෝගිකයන් පවසනවා .

මේ අතර උත්සව සමයේදී බිත්තරයක් රුපියල් 55 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කරන ලෙස කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය සිල්ලර වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටිනවා.

රුපියල් 55 ඉක්මවා අධික මිලකට බිත්තර අලෙවි කර පාරිභෝගික ජනතාව අපහසුතාවට ලක් නොකළ යුතු බවයි සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ.

රුපියල් 55 ඉක්ම වූ මුදලකට බිත්තර මිලදී නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/AJITH-GUNASEKARA-EDIT-.mp3?_=1

මේ අතර සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල පාලනය කිරීම සදහා ගැසට් නිකුත් කිරීම පලක් නොවන බවයි.

https://www.vnews.lk/storage/2022/12/BITHTHARA-EDIT-.mp3?_=2

එමෙන්ම ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සබාපති අසේල සම්පත් මහතාද මේ සමබන්ධයෙන් අදහස් පල කළා

https://www.vnews.lk/storage/2022/12/ASELA-SAMPATH-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content