2030 වනවිට සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණියට නවතම නෞකාවක් එක් කිරීමට ඉන්දියාව සූදානම් වනවා.සංවර්ධනය සඳහා මේවනවිටත් සැලසුම් සකස් කර ඇතැයි වාර්තා වන එම නෞකාව අයි එන් එස් විසාල් ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව අයි එන් එස් විසාල් නෞකාව ඉන්දීය නාවික හමුදාව සතු 03 වන ගුවන් යානා ප්‍රවාහන නෞකාව වනු ඇති.ඉන්දීය නාවික හමුදාව සතුව මේවනවිට ගුවන් යානා ප්‍රහාරක නෞකා 02 ක් වනවා.

මේවනවිට එම නෞකා අත්හදා බැලීම් කටයුතු සඳහා යොදවා තිබෙනවා.එම කටයුතු අවසන් වූ වහාම එය ඉන්දීය නාවික හමුදාවේ මෙහෙයුම් සඳහා එක් කර ගැනීමට නියමිතයි.

ටොන් 45,000ක් බරැති වික්‍රමාධිත්‍ය නෞකාවෙන් මිග් -29K වර්ගයේ ප්‍රහාරක යානා විස්සක් එකවර රැගෙන යා හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content