Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති විමේ අවධානමක් පවතින බවට ජගත් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

2022 වසරේ මුල් භාගය තුළ දී පමණක් සියයට බිංදුවයි දශම නවයකින් වැටුප් පහත වැටී ඇති බව ජාත්‍යාන්තර කම්කරු සංවිධානය නිවේදනය කළා.

ගෝලීය ආර්ථික අර්බුධය හමුවේ ජීවන වියදම ඉහළ යාම ද ජනතාවට දරා ගත නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවටයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ඒ හරහා සමාජ විරෝධතා පැන නැගීමට වැඩි ඉඩක් පවතින බවද ජාත්‍යාන්තර කම්කරු සංවිධානය පවසනවා.

කොරෝනා වෛරස ව්‍යාපත්තිය ආරම්භවීමත් සමග අඩු ආදායම්ලාභීන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර මේ වන විට එය තවදුරටත් අවම වී තිබෙනවා.

වැටුප් අවම අගයකට පත්වු රටවල් ලෙස බල්ගේරියාව,ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, බි්‍රතාන්‍ය සහ ඇමෙරිකාව හදුනාගත හැකි බවයි ජාත්‍යාන්තර කම්කරු සංවිධානය සදහන් කරන්නේ.

මේ අතර 2008 වසරට සාපේක්ෂව 2022 වසරේදි සමස්ත වැටුප් පහළ ගිය රටවල් ලෙස ඉතාලිය, ජපානය, මෙක්සිකෝව සහ බි්‍රතාන්‍ය හදුනාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content