Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත් පා ගැටගසා, බරපතළ තත්වයෙන් සිටිය දී සොයා ගත් ස්ථානයෙන් සහ ඔහුගේ සිරුරෙන් හමු වූ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාව හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

මෝටර් රථයෙන් සහ ඔහුගේ සිරුරෙන් ලබාගත් ඇඟිලි සළකුණු මේ වනවිට විශ්ලේෂණය කරමින් පවතින අතර ඒවා අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සළකුණු සමඟ ගැළපීම සිදු කරනු ඇති.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ද ඉදිරියේදී සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණා.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ෂාෆ්ටර් ක්‍රිකට් පරිපාලකයෙකු මෙන්ම, ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත්‍රයෙකු ද වනවා.

බොරැල්ල සුසාන භූමියේදී අත්පා ගැටගසා බරපතළ තුවාල සහිතව සිය මෝටර් රථය තුළ සිටියදී බරපතල තත්වයෙන් රෝහල් ගත කළ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත්වුණා.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට 30 කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඝාතනය සිදු වූ දිනයේ ඔහු ගමන් කළ මාර්ග මෙන්ම බොරැල්ල සුසාන භූමියේ ප්‍රවේශ මාර්ගවල ඇති සී. සී. ටී. වී. කැමරා 42ක පමණ දර්ශන පුළුල් ලෙස විමර්ශනයට ලක් කෙරුණා.

WhatsApp Group

Skip to content