2021 – 2022 වර්ෂවල මහ කන්නයේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රජය වෙන් කර ඇති මුදලින් රුපියල් මිලියන 657ක් මේ වන විට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

මේ යටතේ ගොවීන් 31,613ක් වගා කළ අක්කර 42,934ක් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරනු ඇති.

ප්‍රදේශ අනුව වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 81ක් සහ පොළොන්නරුව – මනම්පිටියට රුපියල් මිලියන 69ක් මෙන්ම මොණරාගලට රුපියල් මිලියන 68ක් හිමිවනවා.

WhatsApp Group

Skip to content