ආසාදන වැඩිවීමත් සමඟ චීන බලධාරීන් – රට තුළ කොවිඩ් තත්වය පිලිබඳ දත්ත නිසි ලෙස ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවවාද කර තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ රටේ දැඩි සීමාවන් බොහොමයක් ඉවත් කිරීම හමුවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහල ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ඒ අනුව රෝහල්ගතවීම්, දැඩි සත්කාර ඒකක ඇතුළත් කිරීම් සහ මරණ මෙන්ම එන්නත් පිළිබඳ සත්‍ය දත්ත නිරීක්ෂණය අවශ්‍ය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළා.

රටවල් කිහිපයක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් ට කොවිඩ් පරීක්ෂාව අනිවාර්යය කර තිබෙනවා.

එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය සහ තායිවානය ඇතුළු රටවල් රැසක් චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ නියම කර තිබෙනවා.

WhatsApp Group

Skip to content