Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හික්කඩුව, ගාල්ල සහ බද්දේගම ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කරයි

හික්කඩුව, ගාල්ල සහ බද්දේගම නගරවල මහජන බැංකුවේ ATM යන්ත්‍රවලින් මුදල් සොරාගනිමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පරිඝණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී එහි මෘදුකාංග වෙනස්කර රුපියල් එක්කෝටි 6 ලක්ෂ 55 දහසක මුදල් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

විදේශකයින් බවට සැකකරනු ලබන පිරිසක් විසින් ඊයේ අළුයම් කාලයේ ATM යන්ත්‍රවල සී.සී.ටී.වි කැමරා ආවරණය කරමින් සොරකම සිදු කර තිබුනා.

මෙම නගර තුනෙහිම ATM යන්ත්‍ර වලින් මුදල් සොරාගෙන ඇත්ත එකම අකාරයකට බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව, ගාල්ල සහ බද්දේගම පොලිස් ස්ථාන ඒකාබද්ධ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content