චීනයෙන් පරිත්‍යාග කරන ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය අද සිට ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව චීන රජය විසින් ඩීසල් ලීටර මිලියන 10.06ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ලබාදුන් අතර ඒ අනුව කෘෂිකර්මාන්තය සදහා ඩීසල් ලීටර මිලියන 6.98ක තොගය ලබාදීම අද ආරම්භවනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්මාණය කළ නව යෙදවුමක් මගින් එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන කෙරෙනු ඇති.

එමඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වලින් එම ඩීසල් ලබාගැනීමට හැකියාව පවතිනවා.

අස්වනු නෙලීම මේ මස අවසානයේදී ආරම්භවීමට නියමිතයි . ඒ සඳහායි මෙලෙස ඩීසල් ගොවීන් වෙත ලබාදෙන්නේ.

හෙක්ටයාරයක ප්‍රමාණයක වගා කරන ගොවීන්ට අස්වනු නෙලීම සදහා මෙම ඉන්ධන නොමිලේම ලබාදීමටයි කෘෂිකර්ම අමාත්යංශය උපදෙස් ලබාදී ඇත්තේ.

WhatsApp Group

Skip to content