බස් ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක් සඳහා බස් සංගම් කැඳවා තිබෙනවා.

ඒ සඳහා සියලු බස් සංගම් සහභාගී විමට නියමිතයි.

අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේදි ඩීසල් මිල අඩු කිරීම හමුවේ බස් ගාස්තු සංශෝධන පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදි බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ එකඟවන්නේ නොමැති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සංගමය පවසන්නේ.

ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහළ දැමීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා පියවර ගත්තා.

මෙම අඩු කිරීම හමුවේ බස් ගාස්තු මිල අඩු කරන බවට අපේක්ෂා කළ ද බස් සංගම් ප්‍රකාශ කලේ මෙම අඩු කිරීම ප්‍රමාණවත් නැති බැවින් ගාස්තු වල වෙනස් සිදුකළ නොහැකි බවයි.

මෙම තත්වය මතයි බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සාකච්ඡාවක් අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ

WhatsApp Group

Skip to content