ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද අත්සන් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊට අදාළ ගිවිසුම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කළ බවයි.

ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා තවත් සමාගම් දෙකක් සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

WhatsApp Group

Skip to content