ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වයෙන් සුජාන් පෙරේරා ඉවත්ව තිබෙනවා. ඔහු ඒ බව දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට ලිපියක් යොමු කරමින්.

මෙරටට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගැනීම සදහා නිලධාරින් අපොහොසත් වීමෙන් එම ක්‍රීඩාවට බරපතල හානියක් සිදු ව ඇති බවද අදාල ලිපියේ සදහන්.

ජාතික පාපන්දු කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා මෙන්ම නායකයා ද වන ඔහු මේ දක්වා ජාත්‍යන්තර තරග 41 කට ක්‍රීඩා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content