Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා ඒ බව සඳහන් කළා.

එම සාකච්ඡා සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද සහභාගී කරවා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.

ගෝලීය ආර්ථික පසු බෑම සම්බන්ධයෙන් චීන බලධාරීන් සමඟ ඉහළ මට්ටමේ රැස්වීම්වලින් පසු – අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් මුහුණ දෙන ප්‍රධාන ණය ගැටලු සමඟ කටයුතු කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් හිමිව ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා කියා සිටියේ.

WhatsApp Group

Skip to content