චීන ජනාධිපති ෂී ජින් පින් ඉදිරි සතියේ දී රුසියාවේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ලබන සතියේ දී චීන ජනාධිපතිවරයා රුසියාවේ සිදුකිරීමට නියමිත සංචාරය අතරතුරදී රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම යුක්රේන යුද ගැටුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවටයි විශ්ලේෂකයින් අනාවැකි පළකරන්නේ.

පසුගිය මාසයේදී ද චීන විදේශකටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු රුසියාවේ සංචාරයක නිරත වූ අතර ජනාධිපති පුටින් සමග සාකච්ඡාවක් ද පැවැත්වූවා.

චීන ජනාධිපතිවරයා රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව මීට පෙර දැනුම්දී තිබුණ ද දින වකවානු ප්‍රකාශයට පත්කර තිබුණේ නැහැ.

WhatsApp Group

Skip to content