දුම්රිය අත්‍යාවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එහි සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

රජය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්.

මේ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් පියවර ගෙන තිබෙනවා.

එම නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා හෙට දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරින්ගෙන් ඒ පිළිබද නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් සියලු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content