ප්‍රමුඛ පෙළේ චීන සමාගම් මෙරට කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට සුදානම්ව සිටිනවා.

චීන ආයෝජකයින් ඒ බව සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදී.

ඉලෙක්ට්‍රොනික හා අධිනිරවද්‍යතාවයෙන් යුත් නිෂ්පාදනයන්, සූර්ය බල ශක්තිය, අධිවේගී බලශක්ති ගබඩා ඒකක, ස්මාර්ට් ග්‍රිඩ් වැනි ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කිරීමටයි චීන නියෝජිතයන් කැමැත්ත පල කර ඇත්තේ.

ත්‍රිකුණාමලය, හම්බන්තොට ඇතුළු කර්මාන්ත කලාපවල එම කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළා.

ඒ අනුව ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීම සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.

සෘජු විදේශ ආයෝජන සඳහා අමතර පහසුකම් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content