Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් තැබීමට පියවර ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ,ලබන 7 වැනිදා බදුල්ල සහ මොණරාගල නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කරන බවයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
2023 අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුනා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ නව දිනය එළඹෙන මාර්තු 09 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බව ඊයේ රැස් වූ මැතිවරණ කොමිසම සඳහන් කලා.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් එළඹෙන මාර්තු 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content