Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන්නේ නම් කොමිසන් සභාව රැස්වී තැපැල් ඡන්දය ගැන තීරණයක් ගැනිමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.

ඡන්ද පත්‍රිකා සහ සහ මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් තැපැල් ඡන්දය පමණක් නොව අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමද තවදුරටත් කල්දැමිමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28, 29, 30 සහ 31 යන සිව් දිනයෙහි පැවැත්වීමටයි මැතිවරණ කොමිසන් සභාව සැලසුම් කර තිබෙන්නේ.

මාර්තු මස 21 වනදා තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

මේ අතර රජයේ මුද්‍රණාලාධිපතිනිය පවසන්නේ මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් 14 වනදා පෙරවරුව වන විටත් නොලැබුණු බවයි.

එම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාවක් නොමැති බවද මුද්‍රණාලයාධිපතිනිය පවසනවා.

මේ වන විට දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රනය කර ඇති අතර එම ප්‍රමාණය කොපමණදැයි ගණන් ගැනිමට සිදුවන බවත් ඉතිරි ඡන්ද පත්‍රිකා මුද්‍රනය කිරීමේ කටයුතු ඇරඹීමට යම් මුදල් ප්‍රමාණයක් රජයේ මුද්‍රනාලයට අවශ්‍ය බවද ඇය කියා සිටිනවා.

WhatsApp Group

Skip to content