Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ජනතාව අපහසුතාවට පත්ව නොසිටින අවස්ථාවක එම ඡන්දය පැවැත්විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබුනා.

සාගර කාරියවසම් මහතා සඳහන් කළේ පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ගමට වැඩ කර ඇති බැවින් ඡන්දයකදී ජනතාව ඉදිරියට යෑමට කිසිඳු අපහසුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඡන්ය සූදානම් කර තිබියදී විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් හෝ ආහාර හිඟයක් පැවතිය හොත් ජනතාව ඒවා පිළිබඳ අවධානය යොමු කර තීන්දු ගැනීම වැලැක්විය නොහැකි බවත් – ඡන්දයකට සුදුසු වාතාවරණයක් සකස් කරන ලෙසත් පළාත් පාලන නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ පළාත් පාලන ආයතනවලට සේවකයින් බඳවාගැනීම ඇතුළු අත්හිටුවා ඇති පොදු සේවා නැවත ආරම්භ කිරීමට ද මෙහිදී ජනාධිපතිවරයාගෙන් විසඳුම් ඉල්ලා සිටි බවයි පොදුජන පෙරමුණු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content