ජනතා නැගිසිටීමක් නුදුරේදීම සිදුවන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ ජනතාව ආණ්ඩුවට ලබා දී ඇත්තේ කෙටි විරාමයක් බවයි.

ආණ්ඩුව ජනතාවට බියෙන් සිටින බවත් එනිසා හදිසි නිතිය, අධි ආරක්ෂිත කලාප සහ ඇඳිරි නිතිය පනවමින් ජනතා මර්ධනය දියත් කරන බවත් ඒ මහතා පවසනවා.

හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක වෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2022/12/NALINDA.mp3?_=1

WhatsApp Group

Skip to content