අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් ”ඕෂන් ඔඩිසි” නෞකාව අද කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි .

අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වනවා .

ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණෙන නෞකාව, හෙට ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබෙනවා.

”ඕෂන් ඔඩිසි” නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ ,කුරුණෑගල හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි .

එය දෙසැම්බර් 21 වැනිදා රාත්‍රී 7.00 ට ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය බලා යාත්‍රා කරනු ඇති.

WhatsApp Group

Skip to content