Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ලිපියක් එවා තිබෙනවා .

අදාළ ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දීමටයි කටයුතු කලේ .

ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදී.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ බව ප්‍රකාශ කළා .

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ .

WhatsApp Group

Skip to content