අලෙවියට ඇති මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය අලවා නොමැති සහ ව්‍යාජ ස්ටිකර අලවා ඇති බෝතල් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වැටලීම් විශේෂ කණ්ඩායම් යොදවා සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කූඨ ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස ආරක්ෂක ස්ටිකර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරු මත මෙම වැටලීම් ක්‍රියාත්මක බව සඳහන්.

ඒ අනුව, තඹුත්තේගම, තලාව, නෙලුබෑව සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී එවැනි ආරක්ෂිත ස්ටිකරය නොමැති මත්පැන් බෝතල් විශාල සංඛ්‍යාවක් සුරාබදු විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content