එකිනෙකා කෙරෙහි දයානු කම්පාවෙන් සහ ප්‍රේමයෙන් ජීවත්වීම මෙන්ම පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීමෙන් කිතු උපතේ යථාර්තයට සමීපවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

මහ මැදුරට මෙන්ම දුගී පැළටත් සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය බවයි ජනාධිපතිවරයා නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කළේ පීඩාවට පත් ජනතාව මුදා ගැනීමට, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැප වූ ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය සැබෑ කාලීන අවශ්‍යතාවක් වන බවයි.

වෛරය සහ කෲරත්වය පිටු දකිමින් ගැටුම් සමනය වන ආර්ථික වශයෙන් භව බෝගයෙන් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද නත්තල් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන මෙළොවට බිහිවීමේ සුභාරංචිය සමරණ අද දවසේ අන්ධකාරය නිමාවූ දැයක් සහ ලොවක් වෙනුවෙන් ප්‍රාර්ථනා එක කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content