ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කළ බව ගැම්බියා රජය පවසනවා.

කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සොල්දාදුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු පලා ගොස් ඇති බව සඳහන්.

පසුගිය වසරේ මැතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කළ ජනාධිපති ඇඩමා බැරෝ බලයෙන් පහ කිරීමට අඟහරුවාදා ගත් උත්සාහය පිටුපස සිටියේ කවුරුන්ද යන්න පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් අගනුවර වන බන්ජුල් සාමකාමී වන අතර ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා.

ගැම්බියාව බටහිර අප්‍රිකාවේ බොහෝ දුරට ස්ථාවර රටක් වන අතර එහි වෙරළ සහ වන සතුන් හේතුවෙන් සංචාරකයන් අතර ජනප්‍රියයි.

WhatsApp Group

Skip to content