Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි නඩුවකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදාහැර තිබෙනවා.

කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කර සිටියේ අදාළ වන්දි නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන කාලය සඳහා වගඋත්තරකාරභාවයෙන් මුදාහැරෙන බවයි.

ජනාධිපති මුක්තිය යටතේ නඩු කටයුතු පවරා පවත්වාගෙන යා නොහැකි බවට වූ රට තුළ පවතින නීතියට අනුව මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙත් විනිසුරුවරිය එම නියෝගය මගින් පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුරය අවසන් වූ පසු අධිකරණයේ අවසරය මත එම නඩුවල වගඋත්තරකරු ලෙස යළි නම් කර කඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවසරය පැමිණිල්ලට පවතින බවයි.

WhatsApp Group

Skip to content