Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනරජ පෙරහර අද මහනුවරදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ හැත්තෑ පස් වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙම ජනරජ පෙරහැර සංවිධානය කරනු ලබන බවයි.

පෙරහර පස්වරු 6.30ට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භව වීදි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ .

මෙම පෙරහර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත, මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන බව සෝමරත්න විදානපතිරණ මහතා සදහන් කළා .

මෙරට ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මෙවැනි පෙරහරක් පැවැත්වෙන්නේ පස් වන වරටයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ පෙරහරේ කටයුතු සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 10කට අඩු මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ජනරජ පෙරේහර හේතුවෙන් අද දිනයේදී මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 5.00 සිට දළඳා විදිය, යටිනුවර විදිය සහ රජ විදියේ රථ වාහන ගමන ගමනය සඳහා අවසර හිමි නොවනු ඇති .

මේ හේතුවෙන් පෙරහැර අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content