Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබෙනවා.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය සිදු කර ඇති බව සඳහන්.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අධි තාක්ෂණික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ධීවර සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කිරීම සඳහා මාලදිවයිනට ආරාධනා කරන බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර පාලනයටද එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් මහතා අතර පැවැති හමුවේදී කරුණු සාකච්ඡා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content