Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ සහ ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ පැවැත්වෙන විශේෂ වෙසක් වැඩසටහන අද සිට ආරම්භ වනවා .

ඒ අනුව බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් මෙම පරිශ්‍රයේ අද සිට මැයි මස 06 වනදා දක්වා තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කිරීමටයි කටයුතු කර ඇත්තේ .

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අද රාත්‍රී 7.00 සිට භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර එම අවස්ථාව සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වීමට නියමිතයි .

එමෙන්ම තවත් වැඩසටහන් රැසක් අනෙකුත් දින වලදීද ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content