වසර කිහිපයකට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට උණ වැළඳි දින 2 ක් පවතින්නේ නම් ඩෙංගු රෝගී පරීක්ෂාවක් සිදු කර ගැනීම මගින් එය උග්‍ර වීම වළක්වා ගත හැකි බවයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු සහ මී උණ පැතිර යාමේ වැඩි අවදානමක් ද පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

එමෙන්ම කෙරෝනා ආසාදිතයින් දිවයිනෙන් යළිත් වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබදව අවදානයෙන් සිටින ලෙස ද වෛද්‍යවරුන් පවසනවා.

මේ අතර අදට යෙදී ඇති ස්වසන රෝග දිනය හේතුවෙන් සිය අදහස් දක්වමින් ස්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිටින ජනතාවගෙන් සියයට 10 ක පමණ පිරිසක් ඇදුම රෝගයෙන් පීඩා විදින බවයි.

https://www.vnews.lk/storage/2023/05/BODHIKA-SAMARASEKARA-EDIT-01.mp3?_=1

WhatsApp Group

Skip to content