සියලුම නිකායන්ගේ එකගතාව මත තේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට අදාළව නව කෙටුම්පතක් සැකසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව සියලුම නිකායන් ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගනිමින් වර්තමානයට ගැලපෙන පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කෙරෙනු ඇති.

එමෙන්ම නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

WhatsApp Group

Skip to content