Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා .

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර මහතා කියා සිටියේ මේ වන විට අදාළ සිතියම් සකස්කර අවසන් බවතයි .

එමෙන්ම ගොඩනැගිලි ලැයිස්තුගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා .

2012 වසරේ දී අවසන් වරට ජන හා නිවාස සංගණනයක් සිදු කරනු ලැබුවා .

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසරේ සිදු කිරීමට නියමිතව තිබූ සංගණනය කල් දැමීමටයි කටයුතු කලේ .

වයස, සෞඛ්‍ය, රැකියාව සහ පදිංචිය ආදි තොරතුරු ලබාගැනීමට මෙවර සංගණනයේ දී නියමිත බව ද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර මහතා පැවසුවා .

WhatsApp Group

Skip to content