Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම් සතුව ඇති රජයේ කොටස් විකුණා දැමීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා .

මෙම තීරණය අදාළ සමාගම් විසින් ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම්දීමටයි කටයුතු කලේ .

අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව මෙම පියවර ගන්නා බව ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අත්සනින් කොළඹ කොටස් වෙළෙඳපොළට යැවූ ලිපියේ සඳහන් වනවා .

එම ලිපියේ තවදුරටත් සදහන් වන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය මගින් අදාළ කොටස් අලෙවිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇති බවයි .

සිය සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වන රජයේ කොටස් අලෙවි කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ලංකා හොස්පිට්ල් සමාගම් ලේකම්වරයා කොටස් වෙළෙඳපොළට දන්වා තිබෙනවා

WhatsApp Group

Skip to content