Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජල සම්පාදන මණ්ඩල සේවකයින් යළිත් වැඩ වරජනයකට අවතීර්ණ වීමට සුදානම් වී තිබෙනවා.

තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට දිනයේදී යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සැලසුම් කල බවයි ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ.

පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළා.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යළිත් විභාග කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර වැඩවර්ජනය අත්හිටුවනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ.

මේ අතර බදු ප්‍රතිපත්තියට හා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට විරෝධය පළ කරමින් විදුලි බල මණ්ඩල ඉංජිනේරුවරුන්ගේ සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ අවසන් කෙරුණා.

WhatsApp Group

Skip to content