ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේදී අවධානයට යොමුව තිබෙනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවති හමුවට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටළු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් කැඳවා තිබුණා.

E-Governance සංකල්පය යටතේ සියළු රාජ්‍ය ආයතන එක් කරන ජාලයක් තවමත් සකස් කර ගැනීමට නොහැකි වීම සහ එම ප්‍රතිපත්තිය කඩිනමින් සකස් කොට රාජ්‍යය, පුරවැසියා සහ ව්‍යාපාරිකයා අතර දුරස්ථභාවය අවම කරගැනීමටයි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත්තේ.

පාසල් විෂය නිර්දේශය තුළට තොරතුරු තාක්ෂණ විෂයය හඳුන්වා දී ඇතත්, ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුව නැහැ.

ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය අනිවාර්‍යය විෂයයක් බවට පත් කිරීමේ හැකියාව සොයා බලනු ඇති.

WhatsApp Group

Skip to content