ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ ජාතික දරිද්‍රතා මට්ටම පැවතියේ රුපියල් 8923 ක් ලෙසින්.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ඔක්තෝබර් මාසයට අදාළව ප්‍රකාශයට පත් කළ ජාතික දරිද්‍රතා මට්ටම අනුව කොළඹ ජාතික දරිද්‍රතා මට්ටම සැප්තැම්බර් මාසයේ 14,894ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

දිස්ත්‍රික්ක නවයකම ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

සාමාන්‍ය පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන අවම වියදම රුපියල් 13,810 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රුපියල් 13,772 ක් ලෙසයි.

WhatsApp Group

Skip to content